5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අදයි

0
55

NEWSNOW | –   05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පෙරවරු 9ට ආරම්භ වීමට නියමිතය.

මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා කිසිවෙකුට අවසර ලබාදී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

දැයේ සියළු ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක සිසුන්ට එම කඩ ඉම ජයගන්නට අපි ආශිර්වාද කරන්නෙමු.