උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ වසර 30කට අධික කාලයක් පැවති සම්ප්‍රදායක් වෙනස් කරමින්, එරට නායක කිම් ජොං උන් පළමු වරට විදේශ තානාපතිවරුන්ගේ අක්තපත්‍ර පෞද්ගලිකවම භාරගෙන තිබේ.
පියොංයැං අගනුවරදී පැවති මෙම විශේෂ උත්සවයට රටවල් 10ක නව තානාපතිවරුන් එක්ව සිටි අතර, රුසියාව, ස්වීඩනය, බ්‍රසීලය, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, චෙක් ජනරජය, පිලිපීනය, තායිලන්තය සහ බංග්ලාදේශය යන රටවල නියෝජිතයෝ මෙලෙස කිම් ජොං උන් හමුවී සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.
දශක ගණනාවක් මුළුල්ලේ මෙම රාජ්‍ය තාන්ත්‍රික කාර්යය ඉටු කරනු ලැබුවේ උත්තරීතර මහජන සභාවේ ස්ථාවර කමිටු සභාපතිවරයා විසිනි. කෙසේ වෙතත්, පසුගිය මාර්තු මාසයේ සිදු කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් මගින් කිම් ජොං උන්ගේ රාජ්‍ය තාන්ත්‍රික බලතල පුළුල් කිරීමත් සමඟ ඔහු මෙම නව පියවර ගෙන ඇත.

