ඉන්දියන් සාගරයේ බන්ඩා අචේ (Banda Aceh) ආසන්න මුහුදු ප්‍රදේශයේ (දකුණු අක්ෂාංශ 8.04° සහ නැගෙනහිර දේශාංශ 127.57°) කිලෝමීටර් 156ක් ගැඹුරින් අද(21) පස්වරුවේ රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති නමුත්, ඉන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, අද (නොවැම්බර් 21) පස්වරු 3.12ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ.
මෙම භූ කම්පනයෙන් අනතුරුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පස්වරු 3.30ට ‘සුනාමි අවදානමක් නොමැති බවට වන නිවේදනයක්’ (No Tsunami Threat Bulletin) නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඉන්දියන් සාගරයේ සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇති නොවන බව තහවුරු කරමින් වෙරළබඩ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.


