ජන සංහාර අපරාධ වැළැක්වීමේ සහ දඬුවම් දීමේ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැම්බියාව සහ මියන්මාරය (The Gambia v. Myanmar) අතර පැවති නඩුවේදී ජාත්‍යන්තර අධිකරණය (ICJ) විසින් ලබා දුන් තීන්දුව පිළිගන්නා බව පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2026 නොවැම්බර් 20 වැනිදා මැනිලා නුවරදී නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් පිලිපීනය මේ බව ප්‍රකාශ කර ඇත.
නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඇති දිගුකාලීන කැපවීමට අනුකූලව, ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට සහ ජන සංහාර සම්මුතිය යටතේ රාජ්‍යයන්ට පැවරී ඇති වගකීම් ඇතුළු ජාත්‍යන්තර නීතියට පූර්ණ වශයෙන් අනුගත වීමට තමන් සහාය දක්වන බව පිලිපීනය යළිත් තහවුරු කර තිබේ. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අධිකරණ ආයතනය වන ජාත්‍යන්තර අධිකරණයේ තීරණවලට ගරු කිරීමේ වැදගත්කම ද එරට අවධාරණය කරයි.
ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන්ට සහ අවදානමට ලක්විය හැකි ජන කොටස්වලට ඇතිවන මානුෂීය බලපෑම් පිළිබඳව පිලිපීනය සිය දැඩි කනස්සල්ල පළ කරයි. ජාත්‍යන්තර නීතියට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීමේත්, අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙත බාධාවකින් තොරව මානුෂීය ආධාර ලබා දීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේත් අවශ්‍යතාව එරට පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම හා අරමුණුවලට අනුකූලව, සියලු පාර්ශ්වයන් අතර ඵලදායී සංවාදයක් ඇති කිරීමටත්, උපරිම සංයමයකින් කටයුතු කිරීමටත්, ගැටුම් සාමකාමීව හා තිරසාර ලෙස විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් පිලිපීනය අඛණ්ඩව සහාය දක්වන බව සඳහන් කර ඇත.
එම නිවේදනය පහත දැක්වේ.


