-
දඬුවම සහ බිය: ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල දරුවන්ගේ යහපත උදෙසා යැයි පවසමින් ශාරීරික දඬුවම් ලබා දෙන බවත්, දඬුවමට ඇති බිය නිසා අදහස් ප්‍රකාශ කිරීමට මැළි වන දරුවන් සමාජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වන්නේ කෙසේද යන්නත් ඔහු ප්‍රශ්න කළේය.
-
අවස්ථාව ලබා දීම: දරුවන්ට නිසි දැනුමක් හෝ අත්දැකීම් නොමැති බව වැඩිහිටියන් පැවසුවද, ඔවුන්ට එම දැනුම හා අත්දැකීම් ලබාගත හැක්කේ ඊට අවස්ථාව ලබා දීමෙන් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, දරුවන් හෙට දවසේ නායකයන් බව පවසමින් ඔවුන්ගේ හඬ අවදි කිරීමට හෙට වන තුරු බලා සිටිය යුත්තේ ඇයි දැයි ඔහු විමසීය.
-
ළමා අයිතිවාසිකම් සම්මුතිය: තම පාසලේ දරුවන්ට දඬුවම් නොකරන බවත්, ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බවත් පැවසූ ඔහු, 1989 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටියේය.
දරුවන්ට ශාරීරික දඬුවම් දීම ගැන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හඬ අවදි කළ 11 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා.
දරුවන් අදහස් ප්‍රකාශ කිරීමට ඇති බිය නැති කිරීමට නම් ඔවුන්ට ශාරීරිකව දඬුවම් කිරීම වහාම නතර කළ යුතු බව 11 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවකු වන සහිල් එක්සත් ජාතීන්ගේ සමුළුවක් අමතමින් ප්‍රකාශ කර තිබේ.
පසුගිය 16 සහ 17 දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය’ පිළිබඳ 6 වැනි සැසිවාරයේ 3 වැනි රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී පාසල වන ‘කින්ඩර් රිපබ්ලික්’ පාසලේ සිසුවකු වන සහිල් සමඟ එම පාසලේ සම නිර්මාතෘ සහ ළමා අයිතිවාසිකම් ක්‍රියාකරුවකු වන සිෆාන් සවාහීර් මහතා ද මෙම සැසිවාරය ඇමතීය.
සහිල් සිසුවා දැක්වූ ප්‍රධාන අදහස්:
වත්මන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සිෆාන් සවාහීර් මහතාගේ අදහස්:
සමුළුවේ දෙවැනි රැස්වීම ඇමතූ සිෆාන් සවාහීර් මහතා පෙන්වා දුන්නේ නිදහසට පෙර ඉදිරිපත් කළ කන්නංගර වාර්තාවේ පවා ප්රජාතන්ත්රවාදී පුරවැසියකු බිහිකිරීම ගැන සඳහන් වුවද, විනය හා කීකරුකම මුල්කරගෙන බලහත්කාරයෙන් අධ්‍යාපනය ලබා දෙන වත්මන් ක්‍රමය ප්රජාතන්ත්රවාදී අධ්‍යාපනයට බාධාවක් බවයි.
වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ ප්රජාතන්ත්රවාදය ඉගැන්වුවද, පාසල් පරිසරය තුළ ප්රජාතන්ත්රවාදී පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක නොවන බව ඔහු සඳහන් කළේය. දරුවන් අනාගතයේ ප්රජාතන්ත්රවාදී පුරවැසියන් කිරීමට නම්, වර්තමානයේදීත් ඔවුන් අයිතිවාසිකම් හිමි පුද්ගලයන් ලෙස සලකා ඔවුන්ගේ ගරුත්වය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තීරණ ගැනීමේ හැකියාව අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සහතික කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
“පුරවැසි සහභාගීත්වය සඳහා අධ්‍යාපනය : අනාගත පරම්පරා සවිබලගැන්වීම, දැනුම සහ විවේචනාත්මක චින්තනය පෝෂණය කිරීම” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවට ලොව පුරා රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රිකයෝ සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු එක්ව සිටියහ.

