රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ රටට අවශ්‍යතාවක් පැන නැඟුණහොත් යළි බ්‍රිතාන්‍ය හමුදාවට එක්ව සේවය කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පවසයි.
යුක්‍රේනයේ සිදු කළ සංචාරයක් අතරතුර බ්‍රිතාන්‍යයේ ‘ද ඩේලි ටෙලිග්‍රාෆ්’ (The Daily Telegraph) පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිය මව්බිමට අවශ්‍ය අවස්ථාවක හිටපු සෙබළුන් සහ වත්මන් ආරක්ෂක අංශ සාමාජිකයින් සමඟ එක්ව පූර්ණ කැපවීමෙන් කටයුතු කිරීමට සූදානම් බව හැරී කුමරු එහිදී අවධාරණය කළේය.
බ්‍රිතාන්‍යයට මෙන්ම යුරෝපයට ද රුසියාවෙන් එල්ල වන තර්ජනය වසර 15කට ආසන්න කාලයක් තිස්සේ පවතින බව පෙන්වා දුන් ඔහු, සෘජු මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල නොවූ පමණින් යුදමය තත්ත්වයක් නොමැති යැයි අදහස් නොවන බව ද සඳහන් කළේය. පසුගිය දශකයක කාලය පුරාම බ්‍රිතාන්‍යය රුසියාව සමඟ ගැටුම්කාරී තත්ත්වයක සිටින බව තම විශ්වාසය බව ද හැරී කුමරු වැඩිදුරටත් පැවසීය.

