APEC සමුළුව අතරතුර දී ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පිං ඓතිහාසික සාකච්ඡාවක

0
13

ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්විණි.

සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැරූ ‘කිලින් විලා’ (Kylin Villa) පරිශ්‍රයේදී මුණගැසුණු නායකයින් තිදෙනා, රැස්වීම් ශාලාවට පිවිසීමට පෙර තම ජාතික ධජ ඉදිරිපිට නිල ඡායාරූපයකට පෙනී සිටියද, එම අවස්ථාවේදී ඔවුන් අතට අත දී ආචාර කරගැනීමක් සිදු නොවීය.

චීනය, රුසියාව සහ අමෙරිකාව යන රටවල රාජ්‍ය නායකයින් ඉහළම මට්ටමින් එක්ව හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව පෙන්වා දුන් චීන ජනාධිපති ෂී ජින්පිං, එය සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික සංධිස්ථානයක් ලෙස හැඳින්වීය. “චීනය, රුසියාව සහ ඇමරිකාව යන රටවල රාජ්‍ය නායකයින් මෙලෙස හමුවන පළමු අවස්ථාව මෙයයි; මෙයට පෙරළිකාර වැදගත්කමක් තිබෙනවා,” යැයි චීනයේ ‘ෂින්හුවා’ පුවත් සේවය උපුටා දක්වමින් ඔහු සඳහන් කළේය.

මෙම ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට පෙර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ව්ලැදිමීර් පුටින් සහ ෂී ජින්පිං සමඟ වෙන වෙනම ද්විපාර්ශ්වික සාකච්ඡා ද පවත්වන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here