අද (19) පස්වරුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වාර්තා වේ.
ගොඩනැගිල්ලේ බිම්මහලේ පිහිටි මධ්‍යම වායුසමීකරණ පද්ධතියේ ඇතිවූ හදිසි සුළු ගිනිගැනීමකින් මෙම තත්ත්වය හටගෙන තිබිණි.
ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවීමේ රථ දෙකක් යොදවා තිබූ අතර, එමඟින් කිසිදු කාර්යාල කටයුත්තකට බාධාවක් සිදු වී නොමැති බව සඳහන් වේ.

