රාවල්පිණ්ඩිහිදී අද (17) ආරම්භ වූ පාකිස්තාන – ශ්රී ලංකා දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේදී ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 98කට සීමා වී තිබේ.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ ලකුණු 21ක් ලබා ගත්තේය. පාකිස්තාන වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අබ්බාස්, රසාඋල්ලා සහ ආමර් ජමාල් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

