අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය මෙන්ම බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලය මුදා හැරීම හේතුවෙන්, ඉදිරි කාලයේදී අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වන විටත් ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම තත්ත්වය මත දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගත හැකිය.
එබැවින්, එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම අදාළ මාර්ග භාවිතා කරන රියදුරන්ද ඉදිරි පැය කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

