චීනයේ බෙයිජිංහි නගර සහ කෝරළ මට්ටමේ මහජන කොංග්‍රසයේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම ඊයේ (06) සාර්ථකව පැවැත්විණි.
චීන ජනාධිපති ෂී ජින්පිං ද බෙයිජිංහි Xicheng දිස්ත්‍රික්කයේ Zhongnanhai මැතිවරණ කොට්ඨාසයට අයත් Huairentang හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ දිස්ත්‍රික් මට්ටමේ මහජන කොංග්රස් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක්විය.

