
අමෙරිකානු දේශපාලනය වෙනසකට මුලපුරාවිද?
පසුගියදා පැවැති අමෙරිකානු මැතිවරණයන්හි ප්‍රතිඵල ලොවම මවිතයට පත්කළ එකක්ම විය.
අමෙරිකාවේ කෝටීපතීන්ගේ ධන බලය සහ න්‍යාය පත්‍රය, ජන බලය ඉදිරියේ දණ ගැස්වූ ප්‍රතිඵලයක්ම විය.
සාම්ප්‍රදායික බලකොටු බිඳවැටීම.
මේ මැතිවරණයේදී, ට්‍රම්ප්ගේ පාර්ශවයේ සාම්ප්‍රදායික බලකොටු ලෙසින් සැලකුණු Texas, Kansas, Ohio, Iowa, South Carolina, Kentucky වැනි ප්‍රාන්තවල ඔවුන්ගේ බලය බිද වැටුණේ අදහාගත නොහැකි අයුරිනී.
කෝටීපතීන්ගේ ධන බලයට අභියෝගයක්.
ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රථම ඩිමෝක්රටික් පක්ෂ අණ්ඩුකාරවරිය ලෙස මෙවර තේරී පත්වූ ලැටිනෝ ජාතික කාන්තාවක වූ Gina Hinojosa සහ 1988න් පසු ඩිමෝක්රටික් පාර්ශවයට ටෙක්සාස් සෙනට් මන්ත්‍රීධූරය හිමිකරදුන් තරුණ ක්‍රියාකාරිකයෙකු වූ James Talarico මැතිවරණ ව්‍යාපාරයේදී කළ ප්‍රකාශයන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකර තිබුනේ මෙලසෙයී.
“ලොව ඉහළින්ම සිටින කෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්, මාක් සකර්බර්ග්, රූපට් මර්ඩොක්ස් වැන්නන් වෛරය සහ වපුරවමින්, අපේ සමාජයේ එකමුතුව නැතිකරන්නට, අපව බෙදන්නට මේ තරම් වෙහෙසක් ගන්නේ අපේ එකමුතුව ඔවුන්ගේ ධනයට සහ බලයට තර්ජනයක්, අභියෝගයක් වන බව දන්නා නිසයී.”
“ටෙක්සාස් වල අයිතිය ඇත්තේ ජනතාවටද නැත්නම් මේ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ලෝකයටද”
(උපුටා ගැන්ම අවසන්)
අමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ, මෙවැනි මැතිවරණයකට කිසි කලෙක වියදම් කර නොමැති ලෙසින් මෙවර මැතිවරණයේදී මුදල් කන්දරාවක් වැය කර තිබීම අමෙරිකානු මාධ්‍ය තුළින් හෙළිකර තිබුණී. එලෝන් මස්ක් මේ මැතිවරණය සදහා වියදම් කර තිබූ මුදල් කන්දරාව අමෙරිකානු ඩොලර් මිලියන 450ක් පමණ වන බව එම මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.
බෙදීම් සහ ගැටීම් ඇතිකරමින් ඒ තුළින් තම මඩි තරකරගන්නා වූ ලොව ප්‍රබල ආයුධ නිශ්පාදකයන්ගේත්, ලොවපුරා පුවත් බෙදා හරින ප්‍රබල ව්‍යාපාරික බලවේගවල මෙන්ම ඊශ්‍රායල සියොනිස පාලනයේ න්‍යාය පත්‍රය සදහා අමෙරිකාවේ ක්‍රියාත්මක වන ප්‍රබල බලපෑම් කණ්ඩායමේත් ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අමෙරිකානු කොංග්‍රසයේ සහ සෙනටයේ ජේෂ්ඨ නියෝජිතයන් අන්ත පරාජයට පත්කරමින්, අමෙරිකානු ජනතාව විසින් දුන් තීන්දුව, නව ගමනක ආරම්භයක් වනු ඇති බවට බොහො දෙනා පළ කර ඇති අදහස් යථාර්ථයක් වේදැයි කාලය විසින් තීරණය කරනු ඇත.
ට්‍රම්ප්ගේ ක්‍රියාපිලිවෙතට විශ්වාස භංගයක්.
මේ මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ “චන්ද පත්‍රිකාවේ මාගේ නම ඇති බව සිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න” යනුවෙන්. පසුගිය ජනපතිවරණ වලදී ට්‍රම්ප් විශිෂ්ඨ ලෙසින් ජයගත් ප්‍රාන්ත මෙවර බිදවැටී ඇති අයුරු බලන කළ මේ මැතිවරණ ප්‍රතිඵලය ඔහුගේ අධිපතිවාදී ක්‍රියාකලාපය කෙරෙහි පළ කළ විශ්වාස භංගයක් ලෙසින් සැළකීම සාවද්‍ය නොවේ.
අයුතු බලපෑම් ඉදිරියේ නැගී සිටි මැතිවරණ නිළධාරීන් සහ නීතීඥ ප්‍රජාව.
මෙම මැතිවරණයේදී ට්‍රම්ප් පරිපාලනයෙන් සිදුවූ බලපෑම් සහ පීඩනයන් මධ්‍යයේ, චන්ද ප්‍රකාශ කිරීම සහ චන්ද පත්‍රිකා ගණන් කිරීම් ආදිය නිසිලෙස පැවැත්වීමට තම වගකීම් මැතිවරණ කටයුතු භාර නිළධාරීන් නිසිලෙස ඉටුකළ අයුරු ගැන “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පත තම කතු වැකි වලින් ප්‍රශංසා සහගත ලෙසින් සදහන් කර තිබීම දැකිය හැකි විය.
මැතිවරණ ක්‍රියාදාමයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා තම විධායක බලය පාවිච්චි කරමින් බලපෑම් කරන්නට ගත් උත්සාහයන්හිදී ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අමෙරිකානු නීතීඥ ප්‍රජාව නැගී සිටි අයුරු ගැනද “නිව්යෝර්ක් ටයිම්ස්” කතුවැකි වලින් අගය කිරීම් කර තිබුණේ, අමෙරිකාවේ ඇතැම් කීර්තිමත් නීතීඥ සමාගම් ජනපතිගේ නීතිය අයුතු ලෙස පාවිච්චි කිරීම් වලදී ඊට එරෙහිවීමට පසු බෑ අයුරු ගැනද සදහන් කරමිනී.
අමෙරිකානු මැතිවරණයේ මේ සිදුවීම් සියල්ල ලොව අන් රටවලට ද ලබාදෙන්නේ අගනා පාඩම්ය.
ජනතා හඬට කන් නොදීමට දුන් දඬුවම.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය වසර දෙක තිස්සේ තම පාලනය ගෙන ගියේ ජනතා අභිලාෂයන් මායිම් නොකරමිනී. අමෙරිකානු සමාජයේ උගතුන්, තරුණ පරපුර, විශේෂයෙන් අමෙරිකාවේ සියළුම ප්‍රධාන විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දැන උගත් යුදෙව් බුද්ධිමතුන් පවා වීදි බැස්සේ, ගාසාවේ කරන ජන සංහාරයට එරෙහිව සහ අමෙරිකානු සමාජයේ මූලික අවශ්‍යතාවන් පිරිමසා ගතනොහැකිව සිටින ජන කොටස්වල ජීවිතයන්හි යහපත සදහා යෙදවිය හැකි ධනය අනවශ්‍ය යුද්ධයනට නාස්ති කිරීමට එරෙහිවය.
වියට්නාම් යුද්ධය අවස්තාවේදී ඒ යුද්ධය නතර කිරීමට එවකට අමෙරිකානු පාලකයනට බල කළ විරෝධතා සිහිගන්වන මේ ජනතා විරෝධතාවන් ට්‍රම්ප් ජනපතිවරයාගේ සැලකිල්ලට බදුන් නොවිණ.
ජනතා හඩට කන් නොදීමේ ප්‍රතිඵලය වූයේ, මේ ලද අන්ත පරාජයයි.
ජනතාව දුන් පණිවිඩය.
අමෙරිකානු ජනතාව තම නායකයන් තෝරා ගැන්මේ බලය ඇත්තේ තමන්ට බවත්, එමෙන්ම ජනතාව තෝරා පත්කරගන්නා නායකයා, තම රටේ ගමන ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ ජනතා සුබ සෙත ඉහළින් තබාගෙන යා යුතු බවටත් වන පණිවිඩය මේ මැතිවරණ තීන්දු තුළින් පැහැදිලිව ප්‍රකාශ කර තිබීම තේරුම් ගත හැක්කකි.
ජනතා අභිලාෂයන් නොතකා හිතුවක්කාර ගමන් යන්නා වූ සියළු පාලකයන්ට, අමෙරිකානු ජනතාව මේ තුළින් ලබාදී ඇත්තේ වටිනා පාඩමකි.
ජනතා කෝපය තේරුම් ගෙන රට පළමුව ගමනට පිවිසෙමු.
පරාජයෙන් පසු අමෙරිකාවේ උප ජනාධිපති J.D. Vance කළ ප්‍රකාශයකින් මේ සටහන සමාප්ත කරනු කැමත්තෙමි.
“අප පරාජයට පත්වූයේ ඇයිද යන්න සෑම කෙනෙකුම දන්නවා. අපගේ පරාජයට හේතුව යුද්ධයයි. ඉරාන යුද්ධය, ජීවන වියදම සහ උද්ධමනය මෙන්ම, ඊශ්‍රායලය සමඟ පවතින වත්මන් ඇමෙරිකානු සබඳතාව පිළිබඳව ද, ඡන්දදායකයන් පාලනාධිකාරිය කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවුණා. එම සබඳතාව හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ආධාර ඊශ්‍රායලයට ලබාදෙනවා.”
“අප ඉදිරියට යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවංක සංවාදයක් ආරම්භ කළ යුතු නම්, එය ආරම්භ කළ යුත්තේ මේ යථාර්ථය පිළිගැනීමෙන්. ඉන් අනතුරුව අපේ රට බේරාගැනීමේ කාර්යයට යළිත් අවධානය යොමු කළ යුතුයි.”

