කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (07) දින සඳහා නිකුත් කර ඇති නවීනතම කාලගුණ වාර්තාවට අනුව, දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට දැනුම් දී ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර් 20ත් 30ත් පමණ වේගයකින් හමයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තාවකාලිකව පැයට කි.මී. 60-70 දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

