අමෙරිකාවේ ඡන්දදායකයින් ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය ප්‍රධානම ගැටලු ලෙස හඳුනා ගනී – නවතම මත විමසුමකින් හෙළි වෙයි

0
11

අමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් සිදුකළ නවතම මත විමසුමකදී ඡන්දදායකයින් විසින් ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය තම රටේ පවතින ප්‍රධානතම ගැටලු ලෙස හඳුනාගෙන තිබේ.

‘Voter Poll’ ලෙස නිල වශයෙන් හැඳින්වෙන මෙම පුළුල් සමීක්ෂණය මඟින් ඇමරිකානු ඡන්දදායකයින් දස දහස් ගණනකගේ අදහස් සහ ඔවුන්ගේ තීරණවලට බලපෑ ප්‍රධාන හේතු විමසා බලා ඇති අතර, වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ අධ්‍යාපන මට්ටම වැනි ජනගහන ලක්ෂණ පදනම් කරගනිමින් මෙම දත්ත වර්ගීකරණය කර ඉදිරිපත් කර ඇත.

ප්‍රවෘත්ති ආයතන එකමුතුවක් වෙනුවෙන් SSRS මත විමසුම් ආයතනය විසින් මෙම දත්ත රැස් කර ඇත්තේ, මැතිවරණයට පෙර කාලසීමාවේදී ඇමරිකානු ඡන්දදායකයින් නිවැරදිව නියෝජනය වන පරිදි සාම්පලයක් තෝරා ගනිමිනි.

පුද්ගලයින් 79,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව, 39%ක් දෙනා ආර්ථිකය වඩාත්ම වැදගත් ගැටලුව ලෙස ප්‍රකාශ කර ඇති අතර, තවත් 32%ක් දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය තම ප්‍රධානතම ගැටලුව ලෙස නම් කර තිබේ.

මුලාශ්‍රය -BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here