අධික වර්ෂාව හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

0
11

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

එම වාන් දොරටු හරහා මේ වන විට තත්පරයකට ඝන අඩි 1,422ක ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරෙමින් පවතියි.

කලාවැවේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව නිසා දඹුලු ඔය ඔස්සේ තත්පරයකට ඝන අඩි 6,000කට ආසන්න ජල ප්‍රමාණයක් වැවට එකතු වෙමින් පවතින බව කලාවැව භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.

ඒ අනුව, මෙම තත්ත්වයත් සමඟ කලාවැවේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 86,280ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here