අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබියුඩා වෙත ළඟා වෙයි

0
16

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (නොවැම්බර් 02) දින ඇන්ටිගුවා සහ බාබියුඩා වෙත ළඟා වී තිබේ.

අග්‍රාමාත්‍යවරිය එරට වී. සී. බර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අවස්ථාවේදී, ඇන්ටිගුවා සහ බාබියුඩාහි සෞඛ්‍ය, සුවතා, පරිසර සහ රාජ්‍ය සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් ජෝසප් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම නිල සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට ද එක්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here