WhatsApp හරහා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට.

0
11

WhatsApp සමූහයක් හරහා සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයේදී 46 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාරිය WhatsApp සමූහයක් හරහා වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බවට පොරොන්දු වී, පුද්ගලයෙකු ලවා ඇයගේ බැංකු ගිණුමකට රුපියල් 1,455,000ක මුදලක් බැඳීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

මෙම වංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ සහාය ඇතිව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකාරිය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here