ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට මෝදි දෙසැම්බර් මාසයේ බ්‍රසල්ස් නුවරට

0
5

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුම සඳහා නිල වශයෙන් අත්සන් තැබීම පිණිස ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන දෙසැම්බර් මාසයේදී බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා (António Costa) පෙන්වා දී ඇත්තේ, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේදී මෙම පියවර සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇති බවයි. කැනඩාවේ පැවැති විශේෂ වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

දෙසැම්බර් 17 වැනිදා බ්‍රසල්ස් නුවරදී ආරම්භ වීමට නියමිත යුරෝපීය නායකයින්ගේ සමුළුවට සමගාමීව අගමැති මෝදිගේ මෙම සංචාරය සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීනව පැවැති වෙළඳ ගිවිසුම් සාකච්ඡා මේ වසර මුලදී සාර්ථකව අවසන් කෙරුණු අතර, ඒ අනුව මෙම ඓතිහාසික ගිවිසුම සඳහා නිල වශයෙන් අත්සන් තැබීම ඉදිරියේදී මෙලෙස සිදුකිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here