තුන්කොන් එක්දින ක්‍රිකට් අවසන් මහා තරගය අද

0
12

එංගලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අද (31) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ මූලික වටයේ තරග 4කට එක්වූ පාකිස්තාන කණ්ඩායම ඉන් තරග 3ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් කල්වේලා ඇතිව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මෑත කාලයේ පරාජයන් රැල්ලකට හසුවී සිටි ශ්‍රී ලංකා පිල මෙම තුන්කොන් තරගාවලියේදී යළි අළුගසා නැගී සිටිමින්, මූලික වටයේ තරග 4කින් තරග 2ක් ජයගෙන එංගලන්ත පිලේ අවසන් තරග සිහින බොඳ කරමින් කල්වේලා ඇතිව අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

අද දින අවසන් මහා තරගය පැවැත්වෙන ලාහෝර් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා පිලට ඉතා වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙන අතර, මේ දක්වා එම ක්‍රීඩාංගණයේ සහභාගි වූ එක්දින තරග 16න් තරග 11ක්ම ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ. විශේෂයෙන්ම, අවසන් වරට ලාහෝර් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා පිල සහභාගී වූ එක්දින තරග 7න් තරග 6ක්ම ජයගෙන තිබීමද කැපී පෙනෙන විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here