අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන 28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගී වේ

0
8

කැරිබියානු දූපත්හි පිහිටි ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන 28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එක්වීමට නියමිතය. එරට ශාන්ත ජෝන්ස් නගරයේදී පැවැත්වෙන මෙම සමුළුව හෙට (නොවැම්බර් 01) සිට ලබන මස 4 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

“සෞභාග්‍යමත් පොදු රාජ්‍ය මණ්ඩලයක් සඳහා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 56ක රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ ප්‍රධානීන් එක්වීමට නියමිතය.

මෙම සමුළුව අතරතුරදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ විධායක සැසිවාර කිහිපයකට සහභාගී වන අතර, ඊට අමතරව සමුළුවට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකුද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here