‘රටම එකට – ජාතික මෙහෙයුමට’ අදට වසරක් සපිරේ

0
17

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කරන ලද ‘රටම එකට – ජාතික මෙහෙයුමට’ අදට (30) හරියටම වසරක් සපිරේ. මෙරට තරුණ ප්‍රජාව සහ පාසල් දරුවන් මත් උවදුරෙන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් මෙම වැඩසටහන, මහජන සහභාගිත්වය ඇතිව පුළුල් යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක වේ.

මේ වන විට පාසල්, විශ්වවිද්‍යාල, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආයතන රැසක් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ඒ අනුව, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 5,743 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතරින් 450 දෙනෙකුගේ නීති විරෝධී වත්කම් පිළිබඳ පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. මීට අමතරව, රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 68 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, තවත් සැකකරුවන් 112 දෙනෙකු හඳුනාගෙන ලබන වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.

රාජ්‍ය ආයතන සහ මහජනතාව එකමුතුව මත්ද්‍රව්‍ය සැපයුම මෙන්ම ඉල්ලුමද අවම කරමින්, නීති විරෝධී ලෙස උපයාගත් දේපළ සහ මුදල් අත්පත් කර ගැනීම සඳහා මෙම ජාතික මෙහෙයුම ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here