බිග් බෑෂ් පිටිය යළිත් හොල්ලන්න චමරි හරිකේන්ස් කණ්ඩායමට

0
18

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) 2026 තරගාවලිය සඳහා ‘හෝබාර්ට් හරිකේන්ස්’ (Hobart Hurricanes) කණ්ඩායම සමඟ නිල වශයෙන් එක්වී තිබේ.

ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ එංගලන්ත ජාතික සුපිරි ක්‍රීඩිකා ඩැනී වයට්-හොජ් (Danni Wyatt-Hodge) වෙනුවට ආදේශකයක් ලෙස ඇය මෙලෙස කැඳවා ඇති බව හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම් ආරංචි මාර්ග තහවුරු කරයි.

වත්මන් ICC කාන්තා විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවන 36 හැවිරිදි වියේ පසුවන චමරි අතපත්තු, සිය අත්දැකීම් සම්භාරය සමඟින් මෙම තරගාවලියට පිවිසෙන අතර, හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය එළඹෙන බ්‍රහස්පතින්දා ‘මෙල්බර්න් ස්ටාර්ස්’ (Melbourne Stars) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මීට පෙර බිග් බෑෂ් තරගාවලි හතකට ක්‍රීඩා කර ඇති ඇය, පර්ත් ස්කොර්චර්ස් (Perth Scorchers), මෙල්බර්න් රෙනගේඩ්ස් (Melbourne Renegades) සහ සිඩ්නි තන්ඩර් (Sydney Thunder) යන ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් නියෝජනය කරමින් සමස්ත තරග 69 කට සහභාගී වී ඇත.

විශේෂයෙන්ම, බිග් බෑෂ් 09 තරගාවලියේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 552ක් රැස් කළ චමරි, එහිදී කඩුලු 9ක් ද දවා ගනිමින් විශිෂ්ට තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ අතර, එම තරගාවලියේ ‘වීරයා’ (Player of the Tournament) සම්මානයෙන්ද පිදුම් ලැබීමට සමත් වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here