මුලතිව් දිස්ත්‍රික්කයේ කරුම්පුලියන් ජල සම්පාදන ව්‍යාපෘතිය හෙට(28) ජනතා අයිතියට

0
22

මුලතිව් දිස්ත්‍රික්කයේ මන්තායි නැගෙනහිර සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් ඉදිකළ කරුම්පුලියන් ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හෙට (28) දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

රුපියල් මිලියන 1,800 ක වියදමින් ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 75 ක දිගකින් යුත් නව ජල බෙදාහැරීමේ නල පද්ධතියක් ඉදි කර ඇති අතර, ඒ හරහා දිනකට ඝන මීටර් 4,000 ක ජල ධාරිතාවක් සැපයීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 23,600 කට අධික පිරිසකට පිරිසිදු පානීය ජල පහසුකම් හිමි වන අතර, එමඟින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම මෙන්ම තිරසර සංවර්ධනය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here