කෙන්යාවේ නයිරෝබි අගනුවර ඊස්ට්ලී ප්රදේශයේ ඉදිකිරීම් යටතේ පැවති මහල් 13 ක ගොඩනැගිල්ලක් හදිසියේ කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ඊයේ (23) පස්වරුවේ 9 වැනි වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ හදිසි සහන සහ මුදාගැනීමේ මෙහෙයුම් වහාම ක්රියාත්මක කර තිබේ.
මෙම අනතුර හේතුවෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පුද්ගලයන් කිහිපදෙනෙකු සිරවී සිටිය හැකි බවට දැඩි සැකයක් පවතින අතර, අදාළ මුදාගැනීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව ක්රියාත්මක වේ.
සිද්ධියෙන් පසු අනතුර සිදුවූ ස්ථානයට පිවිසෙන මාර්ග අවහිර කිරීමට උත්සාහ කළ ප්රදේශවාසීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, එම පිරිස් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇති බවද වාර්තා වේ.

