දෙමළ මව් භාෂාව ලෙස ඇති මුස්ලිම් සිසුන්ගේ සිංහල භාෂා ප්‍රවීණතාවය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

0
5

දෙමළ මව් භාෂාව ලෙස ඇති මුස්ලිම් සිසුන්ගේ සිංහල භාෂා ප්‍රවීණතාවය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ සහිරා විද්‍යාලයේදී පැවැත් වුණි.

ඊට රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික ජයසිංහ මහතා සහාභාගී විය.

ශ්‍රී ලංකාව වැනි බහුභාෂික සමාජයක, දෙමළ මව් භාෂාවක් ඇති මුස්ලිම් සිසුන්ගේ අධ්‍යාපන සහ සන්නිවේදන අවශ්‍යතා විවිධ වන බවත්, ඔවුන්ගේ සිංහල භාෂා ප්‍රවීණතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් පෙන්වා දී තිබේ. හැඳින්වීම සහ පසුබිමභාෂාව යනු අධ්‍යාපනයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය වන අතර, මෙරට බොහෝ මුස්ලිම් සිසුන්ගේ මව් භාෂාව දෙමළ වේ. නිවසේ සහ පවුලේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය ලෙස දෙමළ භාෂාව භාවිත කරන මෙම සිසුන්, තම අධ්‍යාපන පසුබිම මත සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබයි. එබැවින් ඔවුන් බහුභාෂික ඉගෙනුම් පරිසරයක සිටින සිසුන් ලෙස සැමගේ අවධානයට ලක් විය යුතුය. සිසුන්ගේ භාෂා භාවිතය සහ එහි වැදගත්කම:දෙමළ භාෂාව: මව් භාෂාව මෙන්ම පවුල් සහ ප්‍රජා සන්නිවේදන භාෂාවයි. මෙය කිසිවිටෙකත් දුර්වලතාවක් ලෙස නොසලකා, අතිරේක භාෂා ඉගෙනීම සඳහා භාවිත කළ හැකි කටයුතු සඳහා සම්පතක් ලෙස සැලකිය යුතුය. සිංහල භාෂාව: සමාජීය සන්නිවේදනය සඳහා සහ ඇතැම් විට අධ්‍යාපනික භාවිතය සඳහා ඉතා වැදගත් වේ. සිංහල මාධ්‍ය සිසුන්ට එය අධ්‍යාපනික හා සන්නිවේදන භාෂාවක් ලෙස අවශ්‍ය වන අතර, ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ටද සිංහල සමාජීය හා දෛනික සන්නිවේදනය සඳහා වර්ධනය කර ගැනීමට අවස්ථා අවශ්‍ය වේ. ඉංග්‍රීසි භාෂාව: අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා සඳහා වැදගත් වන භාෂාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here