නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට සිට යළි ඇරඹේ

0
12

පසුගිය සෙනසුරාදා දින මුළු දිවයිනටම විදුලිය ඇණ හිටීමට හේතු වූ නොරොච්චෝල ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (22) දින සිට යළි ආරම්භ කිරීමට හැකියාව ලැබී ඇතැයි ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) නිවේදනය කරයි.

පද්ධතියේ හටගත් අසමතුලිතතාවයක් නිසා බලාගාරයේ කටයුතු තාවකාලිකව නතර වීමත් සමඟ ඊයේ සහ පෙරේදා දිනයන්හි මෙන්ම අද (21) දිනත් දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, හෙට දිනයේ සිට නොරොච්චෝල විදුලි බලාගාරය යළි සාමාන්‍ය පරිදි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත බැවින්, ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් තහවුරු කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here