පළාත් 7කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
8

දිවයිනේ පළාත් 7ක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව යන පළාත් සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙන අතර, අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

අද (21) පෙව. 11.30 ට නිකුත් කරන ලද මෙම විශේෂ නිවේදනය හෙට (22) පෙව. 01.30 දක්වා වලංගු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here