ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් (විශ්රාමික) අරුණ ජයසේකර මහතා පසුගියදා යුද හමුදා මූලස්ථානයේ විශේෂ සංචාරයක නිරත විය.
එහිදී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්රේමරත්න මහතා විසින් නියෝජ්ය අමාත්යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත ගිය නියෝජ්ය අමාත්යවරයා, ශ්රී ලංකා යුද හමුදාවේ වත්මන් මෙහෙයුම් තත්ත්වය, ඉදිරි සැලසුම් මෙන්ම හමුදා ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය පිළිබඳව ද පුළුල් ලෙස කරුණු විමසා බැලීය.
මෙම සංචාරය අතරතුර හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් ඇමතූ ඒ මහතා, රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් දක්වන අමිල කැපවීම සහ ඉහළ වෘත්තීයභාවය දැඩි ලෙස අගය කළේය.
තවද, හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයන් සහ සිවිල් සේවක මණ්ඩලය ද හමුවූ නියෝජ්ය අමාත්යවරයා, ආයතනයේ ඉදිරි ප්රගතිය සහ කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් විවිධ ක්ෂේත්ර ඔස්සේ ලබාදෙන දායකත්වය ද විශේෂ පැසසුසකට ලක් කළේය.

