අදත් කලාප 4කට විදුලි කප්පාදුවක්

0
27

විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමේ අරමුණින් අද (21) දිනයේත් දිවයිනේ කලාප 4ක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, පස්වරු 4.30ත් පස්වරු 9.00ත් අතර කාල සීමාව තුළ අදාළ එක් එක් කලාපය සඳහා පැයක කාලයක් බැගින් මෙම විදුලි විසන්ධි කිරීම සිදුකෙරෙන බවයි.

ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පසුගිය 19 වැනි දින අනුමැතිය ලබා දී තිබිණි.

කෙසේ වෙතත්, විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, පැයක කාලයක් පමණක් විදුලිය කපන බව පැවසුවද, මේ වන විට ඇතැම් ප්‍රදේශවලට පැය 5කට අධික කාලයක් පුරා විදුලිය කැපීමට පියවර ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here