ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ දැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැක.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බැවින්, එම ප්රදේශවල ජනතාවට සහ නාවික හා ධීවර ප්රජාවට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසට අවවාද කර ඇත.

