රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ මතුවී ඇති විවිධ කතාබහ පිළිබඳව අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.
විශේෂයෙන්ම, මෙම නව පනත හරහා කොණ්ඩය වවා තිබීම හෝ පච්ච (Tattoos) කෙටීම වැනි පෞද්ගලික ලක්ෂණ මත පමණක් පදනම්ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි සමාජයේ පළවන මත සම්බන්ධයෙන් අමාත්යවරයා මෙහිදී අදහස් දැක්වීය. මීට අමතරව, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් (Facebook) ගිණුම හරහා මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳවත් අමාත්යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය.
යම් පාර්ශ්වයකට හෝ පුද්ගලයෙකුට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් හෝ එකඟ නොවීම් පවතී නම්, නීත්යානුකූලව ශ්රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඒ පිළිබඳ අභියෝග කිරීමට සම්පූර්ණ අවස්ථාව ඇති බව අමාත්යවරයා අවධාරණය කළේය. ඒ අනුව, ඉදිරියේදී ශ්රේෂ්ඨාධිකරණය විසින් අදාළ පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය සහ එහි කරුණු සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

