අපවත්වී වදාළ ගැටඹේ මහ නාහිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට

0
22

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අපවත්වී වදාළ අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (ඔක්තෝබර් 21) පස්වරුවේ ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

උන්වහන්සේගේ අපවත් වීම හේතුවෙන් මේ වන විට නාහිමියන්ගේ දේහය ගැටඹේ රාජෝපවනාරාමයේ තැන්පත් කර තිබේ.

කලක් රෝගාතුරුව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 18 වන දින අපවත්වූ අතර, අපවත් වන විට උන්වහන්සේ 96 වන වියෙහි පසුවූහ.

ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටුකළ කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ, ජාතික හා ආගමික වශයෙන් වැදගත් වූ විවිධ අවස්ථාවන්හිදී රටත් ආගමත් වෙනුවෙන් අභීතව හඬ නැගූ ප්‍රභූ යතිවරයාණන් වහන්සේනමක් ලෙස මහත් ගෞරවාදරයට පාත්‍ර වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here