හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (ඔක්තෝබර් 20) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ඒ, අදාළ කොමිසම විසින් කළ දැනුම්දීමකට අනුව එහි පෙනී සිටීම සඳහාය.
පීරිස් මහතා විදේශ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේදී පවත්වන ලද විශේෂ රැස්වීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.

