පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුද්ගලයින් 8000ක ආසන්න පිරිසකට බලපෑම්

0
12

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයින් 8,000කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගෙවුණු කාලසීමාව තුළ දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 183ක් මෙම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති අතර, මේ නිසා පුද්ගල මරණ 8ක්, තුවාල ලැබූවන් 12ක් සහ එක් අයෙකු අතුරුදන් වීමේ පුවතක්ද වාර්තා වී තිබේ. තවද, නිවාස පූර්ණ හානි 26ක් සහ අර්ධ හානි 1,390ක් සිදුව ඇති අතර, විපතට පත් පවුල්වල සාමාජිකයින් 46 දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක් තුළ රඳවා සිටී.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්ද දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, මන්නාරම, මාතලේ, මොනරාගල, මුලතිව්, පොළොන්නරුව සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක පවුල් 41,725කට අයත් පුද්ගලයින් 137,953ක් මෙයින් විපතට පත්ව සිටිති.

එම ප්‍රදේශවල පවතින පානීය ජල ගැටළුවට විසඳුම් ලෙස, දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක පවුල් 32,688කට ආසන්න සංඛ්‍යාවක් වෙත මේ වන විට පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here