ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්.

0
12

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බල කරමින් මහා සංඝරත්නය ආරම්භ කළ සත්‍යග්‍රහ ප්‍රචාරක ව්‍යාපාරය කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඊයේ (16) පස්වරුවේ විහාරමහාදේවි උද්‍යානය වෙත වැඩම කළ භික්ෂූන් වහන්සේලා රාත්‍රී කාලයේ එහි අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය සහ උන්වහන්සේලා අතර උණුසුම් සංවාදයක් හටගෙන තිබේ. 

ඥානසාර හිමියන්ට නිදහස හිමිවන තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් එහිදී අවධාරණය කළහ.

ඊයේ දහවල් වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පසුව බුද්ධශාසන අමාත්‍යාංශය වෙත වැඩම කළහ. කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ උන්වහන්සේලා විහාරමහාදේවි උද්‍යානය වෙත වැඩම කිරීමට තීරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here