රුසියාවේ කම්චට්කා අර්ධද්වීපයට ප්‍රබල භූකම්පනයක්

0
12

රුසියාවේ කම්චට්කා අර්ධද්වීප ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලතාවකින් යුතුව වාර්තා වී ඇති මෙම භූකම්පනය, පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 130ත් 140ත් අතර ගැඹුරකදී සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම භූකම්පන තත්ත්වය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

එමෙන්ම, මෙම සිදුවීමත් සමඟ කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර නොමැති බව විදෙස් වාධර්තා වැඩිදුරටත් තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here