ගුරු පුරප්පාඩු සඳහා ප්‍රතිඵල නිකුත් වුවත් රාජ්‍ය සේවා කොමිසමෙන් නිසි වගකීම ඉටු වී නැහැ – විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය පවසයි

0
8

දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පැවැත්වූ තරග විභාගවල ප්‍රතිඵල නිකුත් වී තිබුණද, අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා රාජ්‍ය සේවා කොමිසම සිය වගකීම නිසි පරිදි ඉටු කර නොමැති බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ලිඛිත විභාගයට අදාළව, පළමු අදියර යටතේ සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් 23,006 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම අරමුණු කරගනිමින් මෙම විභාගය පවත්වනු ලැබීය.

කෙසේ වෙතත්, කැඳවන ලද මාධ්‍ය හමුවක් අමතමින් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ, මෙම බඳවා ගැනීම් සිදුකළද පාසල්වල පවතින දැඩි ගුරු පුරප්පාඩු හිඟයට ඉන් ප්‍රමාණවත් සහ ස්ථිර විසඳුමක් නොලැබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here