ක්‍රිෂ් ගනුදෙනු නඩුව: නාමල් රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි.

0
16

රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතා අද (13) දින අධිකරණය හමුවට පැමිණවීය.

අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.

මේ අතර ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුවද අද කැඳවීමට නියමිතය.

ඒ සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බවට පවසා ඒ සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන එම යන්ත්‍රය ලබානොදීම තුළින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නමැති වරද සිදු කිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව සඳහාය.

මෙම සිද්ධියට අදාළව පසුගිය 7 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් ඇයව කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුබීය.

ඉන් අනතුරුව ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේය.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ඇයව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කෙරුණි.

බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂව මෙලෙස එම ඒකකය වෙත යොමු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here