හූති ප්‍රහාර සහ දේශපාලන අවිනිශ්චිතතාව හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 107ට ළඟා වෙයි.

0
15

යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබිය වෙත එල්ල කරන ලද ප්‍රහාරත් සමඟ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 107 ට ආසන්න මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැදපෙරදිග කලාපයේ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.

යුක්‍රේනය සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්‍රයට අදාළව සටන් විරාමයක් ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලෝක වෙළෙඳපොළ තුළ සැක සංකා මතුවීමද මෙයට තදින් බලපා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here