අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (12) උදෑසන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා කටයුතු කළ සමයේදී, කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලැස්වීම සහ ඊට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහයෝගය දැක්වීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවක් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
අද උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි චාමර සම්පත් මහතාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මීට පෙර මෙම විමර්ශනයට අදාළව, එකම සමයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නැමැත්තා ද අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

