සෞදි අරාබිය ආශ්‍රිතව පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින්, කටුනායක සහ සෞදි අරාබියේ දම්මාම් අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් ලබන 18 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනය කරයි.
ගුවන් මගීන්ගේ මෙන්ම ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් මෙම පියවර ගෙන ඇති බවත්, පවතින තත්ත්වය සාමාන්‍ය අතට හැරී වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම තත්ත්වය මත ගුවන් මගීන්ට සිදුවන අපහසුතා පිළිබඳව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය කනගාටුව පළ කර සිටියි. ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර විස්තර හෝ යාවත්කාලීන තොරතුරු දැන ගැනීම සඳහා මගීන්ට පහත අංක ඔස්සේ ගුවන් සේවය හා සම්බන්ධ විය හැක.
-
ශ්‍රී ලංකාව තුළ සිට: 1979
-
ජාත්‍යන්තර ඇමතුම් සඳහා: +94 11 777 1979
-
WhatsApp කෙටි පණිවිඩ සඳහා: +94 74 444 1979
-
නිල වෙබ් අඩවිය: www.srilankan.com

