ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍‍රාත් අධිකරණයෙන් අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කරයි

0
10

ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණෙන ලෙස දන්වා ඇති පසුබිමක, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් විදෙස්ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, යළි දිවයිනට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පැවතීම නිසා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නීතිඥ ජයබාලන් හරහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා වගඋත්තරකරු ලෙස නම් කර ඇති මෙම ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද දින කැඳවා ඇති අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නීතිමය පියවරයන් ඉදිරියට සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here