කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ ක්‍රියාත්මක කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, හෙට (06) පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 08 වනදා පෙරවරු 9.00 දක්වා පැය 48ක කාලයක් උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන එම මණ්ඩලය, අදාළ කාල සීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අවශ්‍ය ප්‍රමාණයට ජලය කල්තියා රඳවා ගන්නා ලෙසත් අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

