ඉරාන තෙල් ඇමති ඉල්ලා අස්වෙයි

0
17

ඉරානය සහ ඇමරිකාව අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක, පුද්ගලික හේතූන් මත ඉරාන තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් විසින් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බැවින්, ජාතික ඉරාන තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බොවාර්ඩ් මහතා වැඩබලන තෙල් අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

2024 අගෝස්තු මාසයේ සිට එම ධුරයේ කටයුතු කළ පක්නෙජාද් මහතා තනතුරෙන් ඉවත් වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ ඉරානය අලෙවි කළ තෙල් සඳහා වන ආදායම තවදුරටත් ලැබෙමින් පවතින බවත් ඉදිරියටත් එය එලෙසම සිදුවනු ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here