මෙටා (Meta) සමාගම සහ එහි සමාජ මාධ්‍ය ජාලයන් සමඟ පවතින දීර්ඝකාලීන මතභේදය නැවතත් කරළියට ගෙනෙමින්, එලෝන් මස්ක් (Elon Musk) ඉන්ස්ටග්‍රෑම් යෙදුම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනාත්මක අදහසක් පළ කර තිබේ.
ඔක්තෝබර් 01 වනදා X (ට්විටර්) ගිණුමේ සටහනකට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ “Instagram is for girls” (ඉන්ස්ටග්‍රෑම් කියන්නේ ගැහැණු ළමයින් සඳහා වූ එකක්) යනුවෙනි. Geiger Capital නැමැති ආයතනයක් විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම මකා දමමින්, එය කාන්තාවන් සඳහාම වෙන්වූ යෙදුමක් ලෙස කළ සටහනකට ප්‍රතිචාර වශයෙන් මස්ක් මෙම අදහස දක්වා ඇත.
මස්ක් ඉන්ස්ටග්‍රෑම් පිළිබඳව මෙලෙස අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, පසුගිය මැයි මාසයේදී ද ඔහු මෙම ප්‍රකාශයම සිදු කරමින් ඉන්ස්ටග්‍රෑම් සබැඳි (Links) හුවමාරු කරගන්නා පිරිමින් පිළිබඳව ද උපහාසාත්මක ලෙස අදහස් පළ කර තිබුණි. මෙම ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය භාවිතය සහ ලිංගික ඒකාකෘති (Gender stereotypes) පිළිබඳව අන්තර්ජාලය තුළ නැවතත් දැඩි සංවාදයක් ගොඩනැගී තිබේ.

