උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය හෙට සිට යළි ඇරඹේ

0
9

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාස 10කට අධික කාලයක් අත්හිටුවා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය හෙට (ඔක්තෝබර් 02) පස්වරුවේ සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

සුළි කුණාටුවෙන් රඹුක්කන සිට ගම්පොළ දක්වා ස්ථාන 103කට හානි සිදුවීමෙන් පසු අදියර කිහිපයක් යටතේ ප්‍රතිසංස්කරණ සිදු කෙරිණි. දැනට උඩරට මාර්ගයේ 75%ක පමණ කොටසක දුම්රිය ධාවනය වන අතර, හෙට සිට නගරාන්තර දුම්රිය ද ඇතුළුව දිනකට ගමන්වාර 8ක් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා කලින් ආසන වෙන්කිරීමේ පහසුකම ද සලසා ඇත.

කෙසේ වෙතත්, පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අධික වැසි හමුවේ තවමත් අවසන් වී නොමැති බැවින් පේරාදෙණිය සිට මහනුවර සහ මාතලේ දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොවේ. එමෙන්ම ගම්පොළ – නාවලපිටිය සහ හැටන් – නානුඔය අතර මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් සිදුවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here