ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයක්, එහි නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හදිසියේම සෞදි අරාබිය දෙසට හරවා යවා ඇති බව විදෙස් පුවත් සේවයන් වාර්තා කරයි.
අඩි 34,000ක් ඉහළින් පියාසර කරමින් තිබියදී විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ අඩි 17,400කින් පහළ බැස හදිසි සංඥාවක් නිකුත් කිරීමට ගුවන් යානය කටයුතු කර ඇත.
මෙම සිදුවීමත් සමඟ ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ද ගුවන්ගත කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ ආරක්ෂක සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
කෙසේ වෙතත්, මෙය ගුවන් යානා පැහැරගැනීමක් නොවන අතර ගුවන් සේවකයින් අතර සිදු වූ අභ්‍යන්තර ගැටුමක් බව ඊශ්‍රායල බලධාරීන් තහවුරු කර ඇත.

