ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

0
13

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (30) පෙරවරු 10.30 සිට රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය මඟින් ඌව සහ නැගෙනහිර පළාත්වලටත් මුලතිව්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විශේෂයෙන් අනතුරු ඇඟවේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං හමනු ඇති අතර, අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here