නිව්යෝර්ක් නුවරදී ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ ඇමතිවරුන් අතර විශේෂ හමුවක්

0
6

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය සෙයියද් අබ්බාස් අරග්රාචි (Dr. Seyed Abbas Araghchi) මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

එහිදී වත්මන් කලාපීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අමාත්‍ය විජිත හේරත් මහතා, මැදපෙරදිග පවතින නොසන්සුන්තාව අවම කරගනිමින් (De-escalation) ගැටලු සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ වැදගත්කම නැවත වරක් අවධාරණය කළේය.

තවද, කලාපීය ස්ථාවරත්වය යළි ගොඩනැඟීම උදෙසා දරන සියලු සාමකාමී ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය හිමිවන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here