දිස්ත්‍රික්ක 10කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

0
8

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (29) පස්වරු 4.00 සිට හෙට (30) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු-මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමුකළ යුතු’ මට්ටම දක්වා ඉහළ යා හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here